ශ්‍රීලනිපයට නව වැඩ බලන මහලේකම් කෙනෙක් පත් වෙයි

May 12, 2024 - 4:50 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමක් අද (12) පෙරවරුවේ පිටකෝට්ටේ පෞද්ගලික හෝටලයකදී ආරම්භ වූණා.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබුණා.
(xanin.lk)