225ම කැමති වුණත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ - ජී. එල්. පීරිස්
May 30, 2024 - 12:02 PM
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම කැමති වුවත් ජනාධිපතිවරණය කල් දැමීම කිසිවෙකුට කළ නොහැකි බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා.
ඊයේ (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔහු පවසන්නේ ජනාධිපතිවරයා නොදැනුවත්ව ඔහුගේ පක්ෂයෙන් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම පිළිකුළෙන් හෙළා දකින බවත් මැතිවරණයට ඇති බිය නිසා ආණ්ඩුව මෙවැනි නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බවත්ය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණය කල් දැමීමට උත්සහ කළහොත් ඊට විරුද්ධව ජනතාව පෙළගස්වා, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි.

(xanin.lk)