2024 ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස නිකුත් කරයි
October 14, 2024 - 1:41 PM
2024 ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන මහ මැතිවරණයට තරග කරන සියලුම අපේක්ෂකයන්ට මෙම සංයුක්ත තැටිය ලබාගත හැකි බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂයක ලේඛම්වරයාගේ, බලයලත් නියෝජිතයෙක්ගේ, ස්වාධීන කණ්ඩායම් නායකයෙක්ගේ හෝ අපේක්ෂකයෙක්ගේ ලිඛිත ඉල්ලීමකට අනුව සංයුක්ත තැටි නිකුත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.
ඒ අනුව 2024 ඡන්ද හිමි නාම ලේඛනය ඇතුළත් සංයුක්ත තැටිය සතියේ වැඩකරන දිනක කාර්යාල වේලාව තුළ නියමිත ගාස්තු ගෙවා ප්‍රධාන කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය මඟින් ලබා ගැනීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
(xanin.lk)