දින 10න් සජබයට ලක්ෂ 20ක්

May 29, 2024 - 8:45 AM
දින 10න් ලක්ෂ 20ක්' මැයෙන් සමගි ජන බලවේගයට නව සාමාජිකයින් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ වැඩසටහන ජූනි 7 වැනිදා සිට රට පුරා ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඒ අනුව එක් ඡන්ද මධ්‍යස්ථානයකින් සමගි ජන බලවේගයේ නොවන අලුත් සාමාජිකයින් 200ක් පක්ෂයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජූනි 7 වැනිදා ආරම්භ කරන මෙම වැඩසටහන දින 10ක් එක දිගට ක්‍රියාත්මක කරන බවත් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස තමන්ගේ මූලිකත්වයෙන් මෙම ඡන්ද දායකයින් බඳවා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කරනවා.

එමෙන්ම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, නලින් බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

(xanin.lk)