එක්සත් රාජධානියේ විශේෂ නියෝජිත පිරිසක් විපක්ෂ නායක හමුවෙයි

January 27, 2025 - 6:08 PM
එක්සත් රාජධානියේ ඉන්දු - පැසිෆික් කලාපීය අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් අද (27) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබෙනවා.

ඒ කොළඹදීයි.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ දේශපාලනික අභියෝග පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රැස්වීමට අමාත්‍ය කැතරින් වෙස්ට්ගේ පෞද්ගලික ලේකම්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ දෙවන ලේකම් ඇලෙක්සැන්ඩර් ස්මිත් සහභාගී වී තිබෙනවා.

(xanin.lk)