වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ජනපති හමුවෙයි
January 30, 2025 - 3:12 PM
ඉදිරි අය වැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (29) පවත්වා තිබෙනවා.
ඒ අරලියගහ මන්දිරයේදීයි.
මෙම සාකච්ඡාව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව සහ ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සිදු වන සහන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
(xanin.lk)