පුංචි ඡන්දයේ පෙත්සම් විභාගය ගැන රහසිගත තීන්දුව කථානායකට සහ ජනපතිට

January 27, 2025 - 2:15 PM
පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට යොමු කරන බව අද (27) නිවේදනය කළා.

ඒ පුරා දින 2ක් පැවති නඩු විභාගය අවසන් කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් ඇතුළු පාර්ශව 4ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
 
(xanin.lk)