අර්චුනා අත්අඩංගුවට ගන්නැයි පොලීසියට නියෝගයක්

January 21, 2025 - 4:59 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන්.

ඔහුට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම පෙබරවාරි මස 3 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද අනුරාධපුර පොලීසියට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

(xanin.lk)