අමාත්‍ය බිමල් රත්නායකගෙන් පුංචි ඡන්දය ගැන ඉඟියක්

January 27, 2025 - 3:07 PM
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 2වන සතියේදී හෝ 4වන සතියේදී පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමන් විස්වාස කරන බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඒ යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියලු පක්ෂ එක්ව පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

(xanin.lk)