පුංචි ඡන්දය ගැන දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ පක්ෂ තීරණයක් ගනියි

December 27, 2024 - 1:35 PM
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙන් වෙන්ව තරග කළ යුතු බවට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන පක්ෂ යෝජනා කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ වී. රාධක්‍රිෂ්ණන්ගේ පක්ෂ එම සංධානය නියෝජනය කරනු ලබනවා.

මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී ඔවුන්ගේ දේශපාලන මණ්ඩල සහ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වී පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහි අවසන් තීරණය නුදුරේදීම ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

(xanin.lk)