ජනපති කරන්න යන දේ ගැන සුමන්තිරන් හෙළි කරයි

June 20, 2024 - 2:19 PM
පාර්ලිමේන්තුවට පැමිණ අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් අභියෝගාත්මක ප්‍රකාශයක් කිරීම හරහා ජනාධිපතිවරයා ගෙන යාමට උත්සාහ කරන නව ප්‍රවනතාව ඉතා බැරෑරුම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසනවා.

ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 5 සිට 6 දක්වා වැඩි කිරීමට නීති කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ සූදානමක් තිබීම ඊට හේතු විය හැකි බවයි ඔහු කියා සිටියේ.  

ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය අනුව මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට තුනෙන් දෙකක බලයක් හා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් නමුත් ජනාධිපතිවරයා සිදු කිරීමට සූදානම් වන්නේ තුනෙන් දෙකක බලයකින් පමණක් එම කෙටුම්පත සම්මත කර ගැනීමට බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.   

(xanin.lk)