භාරත් අරූල් සාමි ලංකා කම්කරු කොංග්‍රසය හැරදමා සජබයට

October 09, 2024 - 6:03 PM
ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වනවා.

ඒ මෙවර මහ මැතිවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන්.

ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති භාරත් අරූල් සාමි එම පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා.

ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු මහනුවර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේග පක්ෂයෙන් තරග කිරීමට නියමිතයි.


(xanin.lk)