13 ක්‍රියාත්මක කිරීමෙන් ආර්ථික සංවර්ධනය ලබාගත හැකි බවට එරාන්ගෙන් ප්‍රකාශයක්

June 18, 2024 - 8:08 PM
දැනටමත් ව්‍යවස්ථානුකූලව ඇති 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම මඟින් ආර්ථික සංවර්ධනය ලබාගත හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍ර‍මරත්න පවසනවා.

ජනතාව පිළිගන්නා පාලන ක්‍රමයක් නොමැති නම් ආර්ථිකයක් සකසා ගැනීමට නොහැකි බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම විධායකය වෙත අසීමිතව බලය එක් කිරීමෙන් රටක ආර්ථිකය ගොඩනැගිය නොහැකි බවත් පරිපාලන බලතල බෙදා දී පාලනය පහසු කළ යුතු බවත් ඔහු ආවධාරණය කළා.

ව්‍යවස්ථාවට අනුව මෙම බලතල ක්‍රියාත්මක කර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ඔහු කියා සිටියා.

(xanin.lk)