ඡන්දහිමියන්ට මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

August 05, 2024 - 1:41 PM
2024 ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවට සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඡන්දහිමියාට ඉදිරියේදී තැපෑලෙන් ලැබීමට නියමිත නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙක්ට අවකාශ නොමැති බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනය පහතින්,



(xanin.lk)