ළමා ගිණුම්වලින් සියයට පහක් කපා ගන්නා බවට හෙළිදරව්වක්

June 07, 2024 - 6:33 PM

වැඩිහිටියන්ගේ ගිණුම්වලින් පමණක් නොව ළමයින්ගේ ඉතිරි කිරීමේ ගිණුම්වලින් පවා රජය සියයට පහක් කපා ගැනීමට කටයුතු කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා.

ලක්ෂයකට අඩු ආදායම් ලබන අඩු ආදායම්ලාභීන්ගෙන් බදු අය කිරීම නැවැත්විය යුතු බව ඔහු කියා සිටියා.

අද (07) පාර්ලිමේන්තුවේ රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
 
(xanin.lk)