වාරණ මැද රැස්වූ ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශවය

April 25, 2024 - 1:19 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් විසින් ඊයේ (24) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා.

ඒ පක්ෂයේ හිටාපු සභාපති, වැඩ බලන සභාපති සහ වැඩ බලන මහ ලේකම් ඇතුළු තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණය විසින් වාරණ නියෝග නිකුත් කර ඇති පසුබිමකයි.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ වැඩ බලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පිරිසක් එක් වී සිටියා.

රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩ බලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස පක්ෂය එක්සත් ජාතික පක්ෂයට එක් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවයි. 

(xanin.lk)