විජේදාසට එරෙහිව ප්‍රතික්ෂේප කළ වාරණය යළි කැඳවයි

May 16, 2024 - 2:26 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ නඩුව අද (16) යළි කැඳවනු ලැබුවා.

එම නඩුව සංශෝධනය කොට කොළඹ දිසා අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන සඳුදා (20) කැඳවන ලෙස අධිකරණය නියම කළා.

(xanin.lk)