පාලිතගෙන් ප්‍රශ්න අහන්න අපි සූදානම්

May 31, 2024 - 2:45 PM
මැතිවරණ වසර 2කින් කල් දැමීම පිළිබඳව පසුගිය 28 වැනිදා තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන විරෝධයට ජූනි 03 වැනිදා පිළිතුරු ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර ඊයේ (30) පැවසුවා.

ඒ අනුව එළඹෙන 03 වැනිදා පවත්වන එම ප්‍රවෘත්ති සාකච්ඡාවට තම සංවිධානයද සහභාගී වන බව ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ලේකම් චානක බණ්ඩාර පවසනවා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ එම අවස්ථාව රටේ පුරවැසියන්ටද විවෘත කරන ලෙසයි.

(xanin.lk)