ජනාධිපතිවරණය කල් දැමීමක් සිදු වන්නේ නැහැ - මහින්ද දේශප්‍රිය

July 14, 2024 - 1:55 PM
ජනාධිපතිවරණය සැප්තැම්බර් මාසයේ අග හෝ ඔක්තෝබර් මාසයේ මුල අනිවාර්යෙන්ම පැවැත්වීමට සිදුවන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණයට එරෙහිව නඩු දැමීම මඟින් ජනතාව කුපිත කරවා ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ උත්සාහයක කවුරුන් හෝ නිරත වන බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය කල් දැමීම කිසිසේත්ම සිදු නොවන බව ඔහු සඳහන් කළා. 

(xanin.lk)