ජනාධිපතිවරණයට තැපැල් දෙපාර්තමේන්තුව සූදානම්

July 22, 2024 - 2:40 PM
මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ වහාම ජනාධිපතිවරණය අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.

එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සියලුම නිවාසවලට බෙදාහැරීම වෙනුවෙන් 8,000ක පමණ සේවක පිරිසක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළා.

(xanin.lk)