ස්වයං රැකියා කරන අයටත් විශ්‍රාම වැටුපක් - ඇමති අනුප

May 25, 2024 - 11:07 AM
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පමණක් නොව ස්වයං රැකියා කරන සියලු දෙනාටද දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

මුළු රටම සවිබල ගැන්වීම සඳහා සැමට විශ්‍රාම වැටුපක් ලබා දිය යුතුයි යන්න රජයේ ස්ථාවරය බව කී අමාත්‍යවරයා, ව්‍යවසායික රාජ්‍යයක් බිහි කිරීමටද කැප විය යුතු බවත් ඊට සමගාමීව සැමට වෘත්තීය අධ්‍යාපනයද ලැබිය යුතු බවත් අවධාරණය කළා. 

(xanin.lk)