වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක්

April 29, 2024 - 8:42 AM
වැඩ කරන සියලු දෙනාට විශ්‍රාම වැටුපක් හෝ ETF/EPF ලැබෙන ආකාරයේ යෝජනාවක් මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (28) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හම්ජුවකට එක් වෙමින්.  

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුව කම්කරුවා යන නම ඉවත් වී ගරුත්වයෙන් යුතු රැකියාවක් ඔවුන්ට හිමි වන බවයි.

(xanin.lk)