කඳු ආශ්‍රිත නිවාස ගැන නව නීතියක්

June 05, 2024 - 1:14 PM
නිසි පරිදි අදාළ ආයතනවලින් අනුමැතිය නොගෙන ඉදිකරන ලද කඳු ආශ්‍රිත නිවාස අනවසර ඉදිකිරීම් ලෙස සළකන්නට සිදුවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

කඳු ආශ්‍රිත නිවාස ඉදිකිරීමේදී අදාළ අනුමැතීන් ලබාගත යුතු නමුත් එලෙස අනුමැතිය නොගත් නිවාස බොහොමයක් ඇති බව ඔහු කියා සිටියා.

එවැනි නිවාස අනවසර ඉදිකිරීම් ලෙස සළකා ආපදා සහනාධාර ලබාදීමේදී වෙනසක් සිදු කරන්නට සිදුවෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

අද (05) පාර්ලිමේතුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(xanin.lk)