ඉන්දීය විදේශ ඇමති දිවයිනෙන් පිටව යයි

October 04, 2024 - 8:12 PM
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සිය සංචාරය නිම කර නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

අද (04) උදෑසන මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහවද හමුවී ඇති බවයි සඳහන් වන්නේ.


(xanin.lk)