චීන තානාපති සහ මහින්ද අතර හමුවක්

April 29, 2024 - 5:08 PM
ශ්‍රී ලංකාවෙි චීන තානාපති Qi Zhenhong මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (29) වීරකැටිය මැදමුලන නිවසේදී පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය, වාරි සහ කෘෂි තාක්ෂණය පිළිබඳව කරුණු  සාකච්ඡාවට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක යන අයද සහභාගී වී තිබෙනවා.

(xanin.lk)