රජයේ අභිප්‍රාය ගැන ජී. එල්. පීරිස් කියයි

May 27, 2024 - 4:00 PM
රජයේ අභිප්‍රාය වී ඇත්තේ ජනාධිපතිවරණය කෙසේ හෝ කල් දමා බලයේ රැඳී සිටීම මිස රටේ දැවෙන ප්‍රශ්න විසඳීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේනම් දින 52ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් කර පසුව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කල් තිබෙන බවයි.

ඒ අනුව ඔහු පවසන්නේ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පළමුව මහ මැතිවරණය පවත්වා ඔක්තෝබර් 18ට පෙර ජනාධිපතිවරණය පැවැත්විය හැකි නමුත් මේ වසරේ ජනාධිපතිවරණය පවත්වන දින වකවානු ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට පාලනය කළ නොහැකි බවයි.

(xanin.lk)