විජේදාසට පැනවූ වාරණ නියෝගය ලබන 14 තෙක් දීර්ඝ කරයි

June 03, 2024 - 1:57 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට පැනවූ වාරණ නියෝගය ලබන 14 දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය අද (03) නියෝග කළා.

පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවූ අතර වැඩිදුර විභාගය වෙනත් විනිසුරුවරයෙකු හමුවට යොමු කරන බවට දැන්වීමෙන් පසුව අතිරේක දිසා විනිසුරුවරිය ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවා.

එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය නඩුවට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස අධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

ඒ අනුව විරෝධතා ගොනු කිරීමට කල් ලබාදුන් විනිසුරුවරිය නඩුව නැවතත් ලබන 14 වනදා කැඳවන ලෙස නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ. 

(xanin.lk)