විජයදාසගේ සභාපතිකමටත් වාරණයක්
May 20, 2024 - 5:13 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (20) වාරණ නියෝගයක් නිකුත් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.
ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත කටයුතු කිරීම වළක්වමින් වරණ නියෝගයක් නිකුත් කිරීම පසුගිය 16 වැනිදා ප්‍රතික්ෂේප වූ අතර එම පැමිණිල්ල එදිනම සංශෝධනය කර කොළඹ දිසා අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවා.
ඒ අනුව එහි කරුණු දැක්වීම සඳහා අද දිනයේ නඩුව කැඳවන ලෙසයි අධිකරණය ඉකුත් 16 වැනිදා නියෝග කළේ.
(xanin.lk)