මැතිවරණ කල්දාන්න රජයට අවශ්‍ය නැහැ - ප්‍රසන්න රණතුංග

July 04, 2024 - 3:46 PM
ජනාධිපතිවරණය හෝ වෙනත් කිසිඳු මැතිවරණයක් කල්දැමීමට ජනාධිපතිවරයාට හෝ රජයට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණයකට ඉදිරිපත්වීමට තරම් කොන්දක් නොමැති විපක්ෂය මැතිවරණ කල්දමන කතා කීවද රජය නියමිත පරිදි ව්‍යවස්ථානුකූලව මැතිවරණ පවත්වන බවයි.
 
ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 

(xanin.lk)