අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා

April 17, 2024 - 10:30 AM
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු පවුලේ සුසාන භූමියේදී ලබන සිකුරාදා සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

නිවසේදී විදුලි සැර වැදීම නිසා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඒ මහතා අභාවප්‍රාප්ත වූයේ ඊයේ (16) පස්වරුවෙයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වූ ඒ මහතා මිය යන විට 64 වැනි වියේ පසු වුණා.

(xanin.lk)