මැතිවරණය කල් දැම්මොත් එජාපයේ අවසානය - මහින්ද

June 12, 2024 - 10:46 AM
ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එසේ මැතිවරණය කල් දැමීමක් එක්සත් ජාතික පක්ෂය සිදු කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය බව ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපෙක්ෂයා පසුව ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

ඊයේ (12) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
 
(xanin.lk)