සියලුම ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසමට කැඳවීමේ තීරණයක්

August 01, 2024 - 5:30 PM
ඉදිරි සතියේදී සියලුම රාජ්‍ය සහ අනෙකුත් ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

ඒ, ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළ කටයුතු සඳහා සහයෝගය ලබා ගැනීමටයි.

ඒ අනුව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා සහ මණ්ඩලවල ප්‍රධානීන්, දේශීය නිරීක්ෂණ ආයතන ප්‍රධානීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

(xanin.lk)