ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් තීරණයක්

August 03, 2024 - 9:04 AM
ජනාධිපතිවරණයේදී පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සිදු කරන මැතිවරණ නීති උල්ලංගණය කිරේම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවන් මෙම තීරණය ගත් බව එම කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළා.

ඒ අනුව 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකියාව පවතිනවා.

(xanin.lk)