විවාදය පැවැත්වුවොත් සජබයට අවාසියි - ගාමිණී

April 25, 2024 - 3:02 PM
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය පැවැත්වුවහොත් සමගි ජන බලවේගයට ඉතාම අවාසිදායක තත්වයක් ඇති වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ එම විවාදය නොපැවැත්වීම සුදුසු නමුත් රටේ රාජ්‍ය නායකයා තෝරා ගැනීමේදී එම පක්ෂවල වැඩපිළිවෙල පිළිබඳව ජනතාවට අවබෝධයක් ගැනීම සඳහා එම විවාදය සුදුසු බවයි.   

(xanin.lk)