ලාල් කාන්ත ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

May 15, 2024 - 2:43 PM
ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විරෝධතාකරුවන් ඩීන්ස් පාර, ටී. බී. ජයා මාවත, ටෙක්නිකල් හංදිය, ඉබ්බන්වල හංදිය ආදී මාර්ගවල අද (15) පස්වරුවේ වාහනවලට හෝ මහජනතාවට බාධා වන ලෙස කටයුතු කිරීම වළක්වමින් එම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඔවුන් කොළඹදී සංවිධානය කර ඇති විරෝධතාවක් සම්බන්ධයෙන් පොලීසිය කළ ඉල්ලීමකට අනුව එම නියෝගය නිකුත් කර තිබෙනවා.

(xanin.lk)