ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් තවත් තහවුරුවක්
May 29, 2024 - 3:38 PM
ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 'What's New' තරුණ නීති වෘත්තිකයින් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පැවති වැඩමුළුවට සහභාගී වෙමින්.
එමෙන්ම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍ය බවත් මේ වන විටත් ජනාධිපති ධූරයේ විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළා.
ඒ අනුව ඉදිරියේ දී ගෙන එන නව පනත් කෙටුම්පත් මඟින් ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
(xanin.lk)