ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති විසි පහක් සංශෝධනයට

July 03, 2024 - 9:30 AM
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති විසි පහක් සංශෝධනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 02) ප්‍රකාශ කළා.

එක් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන හෙයින් එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් පමණක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන බව ද කථානායකවරයා ප්‍රකාශ කර සිටියා.

කථානායකවරයා මේ බව සඳහන් කළේ එම පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින්.
(xanin.lk)