කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙනවා - ගීතා කුමාරසිංහ

June 26, 2024 - 11:48 AM
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව ගීතා කුමාරසිංහ සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙන බවද ඇය පෙන්වා දුන්නා.

ගීතා කුමාරසිංහ මේ බව සඳහන් කර සිටියේ  ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
(xanin.lk)