පොලියත් සමග මෙවර වික‍්‍රමසිංහ මහතාට සහාය දිය යුතුයි - නවීන් දිසානායක

July 03, 2024 - 10:21 AM
පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ 56ක් ලැබුණු නමුත් ඊට පසුව පැවැති මහා මැතිවරයේදී ඔහු විසින් බිහි කරන ලද පක්ෂයට ලැබුණේ ඡන්ද ලක්ෂ 27ක් පමණක් බව සබරගමු පළාත් ආණ්ඩුකාර හිටපු අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා.

දැන් එම වරද නිවැරදි කිරීමට වෙලාව පැමිණ ඇති බවද පැවසූ ඔහු අවශ්‍ය වෙලාවට එම පිරිස රනිල් වික්‍රමසිංහ මහතා ළඟට පැමිණෙනු ඇති බවද කියා සිටියා.

2019 දී එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් අතින් රනිල් වික්‍රමසිංහ මහතාට වරදක් වූයේ නම් එහි පොලියත් සමග මෙවර වික‍්‍රමසිංහ මහතාට සහාය දිය  යුතු බව ඔහු සඳහන් කළා.
(xanin.lk)