එජාපයේ යෝජනාවට එජාපයෙන්ම විරෝධය

May 29, 2024 - 12:16 PM
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකට කල් තැබීමට හා අවශ්‍ය නම් ජනමත විචාරණයකට යාමට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සිදු කළ යෝජනාවට එම පක්ෂයෙන්ම විරෝධතා එල්ල වුණා.

එම පක්ෂයේ ආණ්ඩුකාර නවීන් දිසානායක පවසන්නේ ව්‍යවස්ථාව අනුව මැතිවරණ කල් දැමිය නොහැකි බවත් පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කර ඇති පරිදි පළමුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනමත විචාරණයක් සිදු කිරීම සුදුසු නොවන බවත් මැතිවරණ කල දැමීම පක්ෂයත් සුදුසු දෙයක් නොවන බවයි.

මේ අතර මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ අනිවරෙන්ම ජනාධිපතිවරණය නිසි වෙලාවට පැවැත්වෙන බවයි.

(xanin.lk)