සජබ ආණ්ඩුවක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවලට විසඳුම්

July 31, 2024 - 6:23 PM
සමගි ජන බලවේග රජයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

දැනට උපාධිධාරීන් 50,000කට අධික පිරිසක් රැකියා විරහිතව සිටින බවත් ඊට විසඳුම් ලබාදීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවත් ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සෑම උපාධිධාරියෙක්ටම රැකියාවක් ලබා දෙන අතර ව්‍යවසායකයින් වීමට විවිධ අවස්ථා ලබා දෙන බවයි.

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ අද (31) පැවති හමුවකදී සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළා.
 
(xanin.lk)