හිටපු මන්ත්‍රීවරුන් හතක් මාදිවෙලින් යයි

November 23, 2024 - 3:19 PM
මාදිවෙල නිල නිවාස සංකීර්ණයේ සිටි හිටපු මන්ත්‍රීවරුන් 7දෙනෙක් ඊයේ (22) නිවාස භාරදී පිටව ගොස් තිබෙනවා.

එම නිවාස සංකීර්ණයෙන් කඩිනමින් ඉවත් නොවුනහොත් නිවාසවල ජල සැපයුම අත්හිටුවන බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර පසුගියදා එම හිටපු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබුණා.

මේ අතැර නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස ලබාදීම දෙසැම්බර් 03වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

(xanin.lk)