විදුලි සංදේශ පනතේ වගන්ති බහුතරකින් සම්මත කළ යුතුයි - කථානායක

June 18, 2024 - 11:00 AM
විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව කථානායකවරයා අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා .

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී ඇති පරිදි සංශෝධනය කළ යුතු බවත් එම තීන්දුවේ සඳහන් වනවා.

ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කළා.

(xanin.lk)