සජිත්ට සජබයේ ලකුණ අහිමි වෙයි ?

May 10, 2024 - 2:19 PM
ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට තම පක්ෂය වන සමගි ජන බලවේගයේ ලකුණින් ඉදිරිපත් වීමට ඉඩ නොදෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මනත්මියගේ සැමියා වන සේනක ද සිල්වා පවසනවා.

අද (10) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පෙන්වා දුන්නේ තමන්ගෙන් පසුව පක්ෂ සභාපතිත්වය සජිත් ප්‍රේමදාසටත්, එම පක්ෂයේ ලේකම් ධූරයේ සිටි ඩයනා ගමගේ මහත්මිය එම තනතුර රංජිත් මද්දුමබණ්ඩාර වෙතත් ලබා දුන් බවයි.

එහිදී තමන්ගේ අත්සනින් යුක්තව පක්ෂය භාර දුන් බව කී සේනක ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ තමන්ව සහ ඩයනා ගමගේ මනත්මිය පක්ෂයෙන් ඉවත් කළ නොහැකි බවත් ඒ සඳහා දැනටමත් නඩු මගට පිවිස ඇති බවත්ය.

(xanin.lk)