පාසල් 10,096ම සුහුරු පාසල් බවට පත් කරන බව සජිත් කියයි
May 18, 2024 - 5:20 PM
මෙරට නිදහස් අධ්‍යාපනයේ තිබෙන පාසල් 10,096ම අනිවරෙන්ම සුහුරු පාසල් බවට මේ වසර අවසන් වීමට පෙර පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ සක්වළ 191 වැනි අදියර යටතේ අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ විද්‍යාලයකට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ වැඩසටහනකට එක් වෙමින්.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වසර අවසන් වීමට පෙර අදාළ මානව සහ භෞතික සම්පත් ලබා දී සෑම පාසලකම දරුවන්ට තොරතුරු තාක්ෂණ විෂය අනිවාර්ය කරන බවත් එම විෂය 1 - 13 ශ්‍රේණිය දක්වා වන විෂයක් බවට පත් කරන බවයි.
එමෙන්ම ඉගැන්වීමේ කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක කරන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
(xanin.lk)