සාකච්ඡා වට 7ක් අවසානයේ ජනපතිගෙන් නිශ්චිත පිළිතුරක් නෑ

May 15, 2024 - 9:43 AM
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා මේ වන තෙක් නිශ්චිත පිළිතුරක් ලබා නොදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පෙරේදා (13) දිනයේද ජනාධිපතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර අතර මේ වන විට සාකච්ඡා වට 7ක් පවත්වා තිබෙනවා.

7 වැනි දිනය වන පෙරේදා පැවති සාකච්ඡාවේදී රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බව පොදුජන පෙරමුණ සඳහන් කරනවා.

(xanin.lk)