ශ්‍රීලනිප නව සන්ධානය ජූනි 8 වැඩ අරඹයි

May 21, 2024 - 11:57 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ පළමු රැළිය හා ජනහමුව ජූනි මස 8 වැනිදා හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් අම්බලන්තොට මංසන්ධියේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එම ප්‍රථම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම නව සන්ධානයේ පළමු රැළිය විශාල ජන සහභාගීත්වයකින් යුක්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම රැළියට සහභාගීවීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති බවයි මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසුවේ.

(xanin.lk)