මෛත්‍රීගේ වාරණය හෙටින් අවසන්

April 17, 2024 - 5:46 PM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රේල් 04 වැනිදා වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වශයෙන් කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් නිකුත් කළ එම වාරණ නියෝගය හෙට (18) දිනය දක්වා බල පැවැත්වෙන බවයි එම නියෝගයේ සඳහන් වන්නේ.

(xanin.lk)