සජබය ලියාපදිංචි කළේ මංගල
May 09, 2024 - 5:51 PM
සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර යැයි මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර නොදැන සිටීම පුදුමයට කාරණයක් බව කොළඹ දිස්ත්‍රික් සජබ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසනවා.
අද (09) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න කියා සිටියේ කංචන විජේසේකර පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශය නිසා යම් නොමඟ යැවීමක් සිදු වී තිබෙන බවයි.
එමෙන්ම 2020 මාර්තු මාසයේදී මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දෙන විට එම නාම යෝජනා පත්‍ර අත්සන් කළේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා බවද එරාන් වික්‍රමරත්න සඳහන් කළා.
2020 පෙබරවාරි මාසයේ සිට සමගි ජන බලවේගයේ ලේකම්වරයා රංජිත් මද්දුම බණ්ඩාර මහතා වන අතර නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස බව පැවසූ එරාන් වික්‍රමරත්න .
සජබ මහලේකම් වරයාගේ පත්වීම නීති විරෝධී බවත් නාමයෝජනා අවලංගු කරන ලෙසත් එජාපය පැවරූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රංජිත් මද්දුම බණ්ඩාරගේ පත් වීම නීත්‍යානුකූල බවට පිළිගෙන තිබෙන බවද එරාන් වික්‍රමරත්න සඳහන් කළා.
(xanin.lk)