රටේ ආර්ථිකයේ එන්ජිම රැක ගැනීමට විපක්ෂ නායක සූදානමින්
April 22, 2024 - 11:05 AM
පරාටේ නීතිය ක්‍රියාත්මක නොවන වර්තමාන තත්වය තුළ රටේ ආර්ථිකයේ එන්ජිම වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත රැක ගැනීමට විශේෂ වැඩසටහනක් අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ සංසදය ආරම්භ කරමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (21) පැවති සම්මන්ත්‍රණයේදී ඔහු මේ බව සඳහන් කළා.
එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පරාටේ නීතියේ තාවකාලික විරාමය පිළිබඳව මාස කිහිපයක් පමණක් සතුටු නොවී ඉන් ප්‍රයෝජන ගෙන එම කර්මාන්ත විනාශ වීමට ඉඩ නොදිය යුතු බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විදේශ තානාපතිවරු සහ මූල්‍ය ආයතනවල ප්‍රධානීන් සමඟ ඍජුව සම්බන්ධ වී එම කර්මාන්තවලට සහන සැලසීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක මුදලක් ලැබුණු බවයි.
(xanin.lk)